චරක සංහිතාවේ අන්තර්ගත අනිත්‍ය, අනාත්ම හා ක්ෂණභංගූරවාදය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
The Royal Asiatic Society of Sri Lanka
Abstract
චරක සංහිතාව යනු ආයුර්වේදය පිළිබඳව රචිත ප්‍රධාන ග්‍රන්ථත්‍රය වන ‘වෘහත්ත්‍රයී’ අතුරින් ප්‍රධාන චිකිත්සා ග්‍රන්ථයයි. ආයුර්වේද ඥාන සාධනයෙහි ලා අතිශයින්ම අවශ්‍ය වන උපදෙස් වලින් හෙබි චරකය ඊට පසුව ලියවුනු සියලු සංග්‍රහයන්ට ගුරු වී තිබෙනු දැකිය හැකිය. අග්නිවේශ තන්ත්‍රයේ ප්‍රතිසංස්කරණයක් සේ සැළකෙන චරක සංහිතාව ප්‍රතිසංස්කරණය කරන ලද්දේ කාශ්මීරයේ විසූ චරක නම් වූ සෘෂිවරයාය. ඔහු බෞද්ධ මහායානික භික්ෂුවක් බව ප්‍රචලිතය. එසේම එතුමා ක්‍රි.ව. දෙවන හෝ තුන්වන සියවසේ ජීවත් වන්නට ඇතැයි අනුමාන කෙරේ. බෞද්ධ දර්ශනයේ මූලික හරය අනිත්‍ය හා අනාත්මයයි. යමක් විශ්වය පුරා පැතිර පවතීද, යමක් එක් සිරුරක් හැර අනෙක් සිරුරක් අල්ලා ගනී ද , යමක් මෙලොව විෂය රස වළදයි ද , යම් හෙයකින් යමෙකුගේ නිරතුරු පැවැත්මක් ඇද්ද එහෙයින් එය ආත්මය කියැයි කියනු ලැබේ.
Description
Keywords
ක්ෂණභංගූරත්වය (Kshanabhangurathwaya), අනාත්මවාදය (Anathmawadaya), ආත්මය (Athmaya), දෝෂ (Dosha), ධාතු (Dhathu), අනියත (Anithya)
Citation
මොල්ලිගොඩ, එස්. පී., සහ සෝමරත්න, කේ. අයි. ඩබ්. කේ. (2019). චරක සංහිතාවේ අන්තර්ගත අනිත්‍ය, අනාත්ම හා ක්ෂණභංගූරවාදය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් : An Analytical Study of Impermanent, Non-self and Evanescent with Special Reference to CharakaSamhitha. Proceedings of the 12th Annual Research Conference - 28th - 30th March 2019, The Royal Asiatic Society of Sri Lanka, p. 235 - 237.
