මනස පිළිබඳ විවිධ දාර්ශනික මතවාද පිළිබඳ විමර්ශනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය
Abstract
මිනිසා මෙලොව බිහි වූ දා සිටම තමාගේ මනසේ ස්වභාවය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීමට පෙළඹී සිටියේය. මෙවැනි විමර්ශන ඉන්දියානු, චීන, ග්‍රීක, ඊජිප්තු, බැබිලෝනියනු ආදී සෑම පුරාණ ශිෂ්ටාචාරයකම දැකිය හැකිය. අවුරුදු පන්දාහක් තරම් පැරණි යැයි සැලකෙන මෙම ශිෂ්ටාචාරවල මනස පිළිබඳව විමර්ශන හෙවත් මනෝ විද්‍යාව පැවතුනේ දාර්ශනික විෂයයක් ලෙසිනි. පැරණි විෂයය විශ්ලේෂණයට අනුව වෛද්‍ය ආදී ස්වභාවික විද්‍යා පිළිබඳ අධ්‍යයනය කරන විෂයයන් ස්වාභාවික දර්ශන වශයෙන් වෙන් කර ඇත. මානව සමාජය පිළිබඳ විස්තර කෙරෙන ආර්ථික, දේශපාලන ආදී විද්‍යාවන් සමාජ දර්ශන යටතේ ප්‍රභේද කර ඇති අතර මනස පිළිබඳ මනස් දර්ශන යටතේ අධ්‍යයනයන් සිදු කර තිබේ.
