ආයුර්වේද දර්ශනයේ හා ථෙරවාද බෞද්ධ දර්ශනයේ දැක්වෙන මහලුවීම හා එහි ගැටළු කළමනාකරණයේ මූලික සංකල්ප පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
ආයුර්වේද දෙපාර්තමේන්තුව
Abstract
ආයුර්වේදය යනු ආයුෂ හෙවත් ජීවිතය පිළිබඳ හැදෑරීමකි. එමෙන්ම එය සුවවීම පිළිබඳ ස්වාභාවික විද්‍යාවකි. එහි දැක්වෙන පරිදි ලෝකයේ යම් භාවයක් පවතී ද ඒ සියලු භාවයන් අඩු හෝ වැඩි ලෙස මිනිස් ශරීරය තුළද පවතී. එබැවින් ලෝකයේ සිදුවන සකල සිදුවීම් මිනිස් සිරුර තුළද එසේම සිදුවන බව ආයුර්වේදය සඳහන් කරයි. මේ සියලු කරුණු සමඟින් ආයුර්වේද දර්ශනය ජීවිතයේ ළදරු අවධිය පටන් මහළු සමය තෙක් විශේෂ අවධානයක් යොමු කර සිටී. එමෙන්ම ලෝක පුරුෂ සාම්‍යය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති ආයුර්වේදය පවසන්‍නේ ලෝකයේ පවත්නා වෙනස්කම් සියල්ලම මිනිසා තුළද ඒ ඒ ආකාරයෙන් අඩු වැඩි වෙමින් සිදුවන බවයි.
