චතුෂ්කෝටිය හා ආයුර්වේදය
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
ආයුර්වේද දෙපාර්තමේන්තුව
Abstract
භාරතීය තර්කය පිළිබඳ ව විමර්ශනය කළ බොහෝ විද්වතුන් එහි හරය ගැබ් වී ඇත්තේ බෞද්ධ තර්කය තුළ බව ප්‍රකාශ කර ඇත. බෞද්ධ දර්ශනය තුළ තර්කානූකූල චින්තනශීලී හා යථාර්ථවාදී සත්‍යතාවක් අන්තර්ගත වීම එයට හේතුවයි. විචාරශීලී ආගමක් වූ බුද්ධාගම විචාරයට මෙන් ම නිදහස් චින්තනයට හා විමර්ශනයට විවෘත වූවෙකි. ඉන්දීය ආගම් සාස්තෘවරයා විවේචනය කිරීම පාපයක් සේ සැලකූ කල්හි ඒ සඳහා විවෘත වූ එකම ආගම බුදු දහම බව පිළිගත් මතයයි. බුුදු රජාණන් වහන්සේ කාලාම සූත්‍රයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨ පණිවිඩය නම් සියල්ල තම නුවණින් විමසා බලා එය නිවැරදිව විචාරශීලීව දැකීම බුද්ධිමතාගේ ලක්ෂණය බවයි.
