දේශීය වී වර්ගවල අන්තර්ගත වෛද්‍යමය වටිනාකම් පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
සබරගමුව විශ්වවිද්‍යාලය
Abstract
බත ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික ආහාරයයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. විජයාගමනයෙන් පසුව ගංගා ආශ්‍රිතව වී ගොවිතැන මැනවින් ස්ථාපිත වූ බව වංශ කථා වලින් සනාථ වේ. වර්තමානයේ නැවතත් වී වගාව කෙරෙහි ජනතාව තුළ නැවුම් පිඹිදීමක් ජනිත වී තිබේ. අත්හැර දමා තිබූ කුඹුරු යළිත් ලා කොළ පැහැයෙන් නැහැවෙන්නට පටන් ගෙන තිබේ. බත බුලතින් සපිරි ශ්‍රී ලංකාවක් යන්න ජාතියේ තේමා පාඨය බවට පත්ව තිබේ. නමුත් අපි වර්තමානයේ වැඩි වශයෙන් වගා කරනු ලබන්නේ ඓතිහාසික වගා කරනු ලැබූ වී වර්ග නොවේ. විවිධ හේතු කරණ කොට ගෙන අතීත වී වර්ග පිළිබඳ දැනුම අප අතරින් ගිලි හී යනු පෙනෙයි. නූතනයෙ විවිධ වී වර්ග දක්නට ලැබුණ ද ඒවායේ ගුණ පිළිබඳ පැහැදිලි නිර්ණායක අප සතුව නොපවතී.
