ස්වීඩනයේ ඩිජිටල් පංති කාමරවලින් සාම්ප්‍රදායික ඉගෙනුම් පරිසරයන් වෙත නැවත යොමුවීම පිළිබඳ ව්‍යුහාත්මක හා න්‍යායාත්මක විශ්ලේෂණයක්

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Faculty of Education, University of Colombo

Abstract

21 වන සියවසේ මුල් දශක ද්විත්වය තුළ ගෝලීය අධ්‍යාපන ක්ෂේත්‍රය වේගවත් සාර්ව-මට්ටමේ ඩිජිටල්කරණයකට ලක් විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්‍යාපන පද්ධතිවලට අනුකලනය කිරීම මඟින් ශිෂ්‍ය කේන්ද්‍රීය, නම්‍යශීලී සහ බහු-මාධ්‍ය ඉගෙනුම් පරිසරයක් බිහි කිරීම ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන ප්‍රතිපත්තිමය ඉලක්කයක් විය. මෙම තාක්ෂණික පරිවර්තනයේ ගෝලීය පුරෝගාමියා ලෙස කටයුතු කළ ස්වීඩනය, සමස්ත පාසල් පද්ධතියම ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් අනතුරුව මෑතකාලීනව දැඩි ප්‍රතිපත්තිමය හැරවුමකට ලක්ව ඇත. සිසුන්ගේ කියවීමේ ප්‍රවණතාවය අවප්‍රමාණය වීම, අවධානය රඳවා තබා ගැනීමේ අපහසුතාවය සහ ගැඹුරු ඉගෙනුම් ක්‍රියාවලිය අඩාල වීම වැනි සංජානනමය අර්බුද හේතුවෙන් මුද්‍රිත පෙළපොත්, අත්අකුරු ලිවීම සහ ගුරු-සිසු අන්තර්ක්‍රියාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික ඉගෙනුම් මෙවලම් වෙත නැවත අවධානය යොමුකිරීමට ස්වීඩන රජය තීරණය කර ඇත. මෙම ලිපිය මඟින් එම ප්‍රතිපත්තිමය පරිවර්තනය, අධ්‍යාපනික, මනෝවිද්‍යාත්මක සහ සමාජ-සංස්කෘතික සාධක ඔස්සේ විවේචනාත්මකව විශ්ලේෂණය කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඩිජිටල් අධ්‍යාපන උපායමාර්ග සකස් කරමින් සිටින ශ්‍රී ලංකාවේ සමකාලීන අධ්‍යාපන ප්‍රතිපත්තිය උදෙසා උකහා ගත හැකි ප්‍රායෝගික සහ සමතුලිත ආදර්ශයන් මෙම අධ්‍යයනය මඟින් යෝජනා කෙරේ.

Description

Keywords

Digital Education, Traditional Learning, Swedish Education Reforms, Cognitive Development, Socio-cultural theory, Zone of Proximal Development (ZPD)

Citation

Madunethmi, P. (2026). Svīḍanayē ḍijiṭal paṁti kāmaravalin sāmpradāyika igenum parisarayan veta nævata yomuvīma piḷiban̆da vyuhātmaka hā nyāyātmaka viślēṣaṇayak [A structural and theoretical analysis of the shift from digital classrooms back to traditional learning environments in Sweden]. Adhyapana Prathibha, 16(1), 125-130. https://doi.org/10.66281/70130/9291

Endorsement

Review

Supplemented By

Referenced By