ශ්‍රී ලංකාවේ පහළ ප්‍රාථමික පංති කාමර අධ්‍යාපන ක්‍රියාවලියේ ඵලදායිතා වර්ධනය සඳහා දෙමාපිය සහය යොමු කර ගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනයක්
Loading...
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සිය පහළ ප්‍රථමික අධ්‍යාපන අවස්ථා කෙරෙහි විශේෂ අවධානයකින් ක්‍රියා කරන පරිචයන් විද්‍යමාන වේ. මෑත දශක කිහිපයක් වනතුරු ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාව අමතක කර සිටීමේ අනිටු විපාක කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී. විශේෂයෙන්ම පහළ ප්‍රාථමික අධ්‍යාපන අවස්ථාවෙහි සාඵල්‍යතාව උදෙසා නොයෙකුත් නවීකරණ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන අතර, තවදුරටත් එහිලා සැලකිලිමත් වනු දැකිය හැකි වෙයි...
