පුවත්පත් විවාහ යෝජනා දැන්වීම් මඟින් පිළිබිඹු වන භාෂාවේ සහ සංස්කෘතියේ බලපෑම
Loading...
Files
Date
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Sarasavi Publishers
Abstract
විවාහ යෝජනා දැන්වීම් යන්න සුලබව දැකිය හැකි සමාජ සංස්කෘතිකාංගයකි. මෙහිදි සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයින් විසින් තමාගේ හෝ තම පවුලේ සමාජිකයෙකුට ගැළපෙන සහකරුවෙකු සෙවීමට මෙය පහසු ක්‍රමවේදයක් ලෙස භාවිත කරයි. මෙම අධ්‍යයනය මඟින් විවාහ යෝජනා කෙරෙහි බලපාන භාෂාමය හා සංස්කෘතික සාධක පිළිබද හඳුනාගැනීම සිදුකරයි. මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ සිංහල සමාජය තුළ භාෂාව හා සංස්කෘතිය යෝජිත විවාහය කෙරෙහි කරනු ලබන බලපෑම විවාහ දැන්වීම් ඇසුරින් හඳුනාගැනීමයිග මෙහිදි දත්ත රැස් කිරීම සඳහා සුවිශේෂි ක්‍රමයක් අනුගමනය කළ අතර එහිදි සිළුමිණ හා ීමබා්හ ධඉිැරඩැර යන සතිඅන්ත පුවත්පත් ද්විත්වය තෝරාගෙන 2023 වර්ෂයේ ජනවාරි 1 වන දින සිට 2023 වර්ෂයේ ජූලිමස 2 වන දින දක්වා පළ කරන ලද සියලුම කාන්තා මංගල දැන්වීම් මෙම අධ්‍යයනය සඳහා යොදා ගන්නා ලදී. සියලුම දැන්වීම් අන්තර්ජාලය හරහා ඍීඑමාසද මෘදුකාංගය මඟින් වෙන් කොට බාගත කර ගන්නා ලදී. ඒ අනුව 2023 වර්ෂයේ පළකරන ලද දැන්වීම් 2921ක් යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. අධ්‍යයන ප්‍රතිඵල හඳුනාගැනීමේ දී අදාළ කාල පරාසය තුළ 62්‍ර ක දැන්වීම් ප්‍රතිශතයක් පළකර ඇත්තේ ඉංග්‍රීසී භාෂාවෙන් වන අතර 37්‍ර ක ප්‍රතිශතයක් දැන්වීම් සිංහල භාෂාවෙන් පළකර ඇත. මනාලියගේ සුන්දරත්වය ඉස්මතු කිරීම සඳහා වැඩිම පිරිසක් යොදාගෙන ඇත්තේ රූමත් යන පදය යි. ඊට අමතරව පිළිවෙලින් පැහැපත්, පියකරු හා රුවැති යන පද යොදා ගෙන ඇත. දැන්වීම්වල සරල බස් වහරක් ඇති අතර ඇතැම් තැන්වල කථන ව්‍යවහාරාත්මක ස්වරුපයෙන් ද දක්වා ඇත. භාෂාව මඟින් තම තත්වය හා තරාතිරම ඉස්මතු කිරීම සුලබව හදුනාගත හැකි භාෂාත්මක ලක්ෂණයක් විය. සමස්තයක් ලෙස ගත්විට සිංහල දැන්වීම්වල කුලය යන සාධකයට මූලිකත්වය දෙමින් පළකර ඇති අතර සමස්ත දැන්වීම්වලින් 80්‍රට වඩා වැඩි ප්‍රමාණයක් කුලය යන්න දැන්වීම ආරම්භයේදී ම සඳහන් කර ඇත. නමුත් ඉංග්‍රීසී මාධ්‍ය දැන්වීම්වල මෙම තත්වය බොහෝ දුරට අඩු මට්ටමක ඇති අතර එය ප්‍රතිශතාත්මකව 60්‍රකට වඩා අඩු වේ. අධ්‍යාපන මට්ටම අනුව ද විවාහයට ප්‍රමුඛ බලපෑමක් සිදුකරන අතර එහිදී ද සමාජයේ ඉහළ රැකියාවක් සිදුකරන ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති පුද්ගලයින් දැන්වීම් පළකිරීමට යොදාගෙන ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයි. මෙමඟින් ද ඔවුන්ගේ සමාජ මට්ටම හා එයට ගැළපෙන සහකරුවෙකු වීමට භාෂාව සුදුසුකමක් ලෙස සලකා ඇති බව නිගමනය කළ හැකි ය. ප්‍රමුඛ පද: විවාහ යෝජනා, සංස්කෘතිය, භාෂාව, කුලය, තේමාත්මක ඇගයුම
Description
Keywords
Sinhala Language, Marriage Proposal, Culture, Thematic Analysis
Citation
Liyanage, R.D., & Senanayake, S.G.N.C. (2023). The influence of language and culture as reflected in newspaper marriage proposal advertisements. Sarasavi Publishers,
