Effects of social media content on adolescent self-esteem

Loading...
Thumbnail Image

Date

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Department of Sociology, University of Colombo

Abstract

මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ස්ව අභිමානයට සමාජ මාධ්‍ය බලපාන ආකාරයයි. සමාජ මාධ්‍ය රූප ස්ව අභිමානයට විශාල බලපෑමක් ඇති කරයි. කෙසේ වෙතත්, වැඩිහිටියන් හා නව යොවුන් වියේ දරුවන් අතර ඇති එක් ප්‍රධාන වෙනසක් නම්, නව යොවුන් වියේ දරුවන් තම ජීවිතයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි හා සංවේදී කාල පරිච්ඡේදයකට මුහුණ දී සිටීමයි. මෙම අධ්‍යයනය සඳහා, නව යොවුන් වියේ ස්ව අභිමානයට සමාජ මාධ්‍යයෙන් සිදුවන බලපෑම් අධ්‍යයනය කිරීමට සමීක්ෂණ ක්‍රමය භාවිත කරන ලදි. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 10 කින් 12 ශ්‍රේණියේ සිසුහු 100 ක්, එනම් ශිෂ්‍යාවියෝ 50 ක් සහ ශිෂ්‍යයෝ 50 ක් (වයස අවුරුදු 18) මෙම පර්යේෂණයට සහභාගි වූහ. පර්යේෂකයා සම්භාවිතා නියැදි ක්‍රමයක් වන සරල අහඹු නියදි ක්‍රමය භාවිත කළේය. ප්‍රශ්නාවලිය ප්‍රකාශ 15 කින් සමන්විත විය. “තදින්ම එකඟ නොවීම” සිට “තදින්ම එකඟ වීම” දක්වා කරුණු හතරක පරිමාණයෙන් ඔවුන්ගේ එකඟතා මට්ටම දැක්වීමට ශිෂ්‍යයන්ට පැවසූහ. අධ්‍යයනයේ අරමුණු වූයේ, ආකර්ෂණීය මාධ්‍යයක්ලෙස සමාජ මාධ්‍යවල ඇති වැදගත්කම අධ්‍යයනය කිරීම, නව යොවුන් වියේ පසුවන අය ඔවුන්ගේ ශරීරය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ සංසන්දනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම සහ පරිපූර්ණ ශරීරයක් ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍යවලින් නව යොවුන් වියේ අයට ඇති කරන පීඩනය අධ්‍යයනය කිරීමයි. එසේම අධ්‍යයන ගැටලු වූයේ ආකර්ෂණීය හා විලාසිතාවන් පිළිබඳ වැදගත් තොරතුරු මූලාශ්‍රයක් සමාජ මාධ්‍ය තුළ තිබේද? බර අඩු කර ගැනීම සඳහා යෞවනයන්ට සමාජ මාධ්‍යයෙන් පීඩනයක් එල්ලවන්නේද? යෞවනයන් ඔවුන්ගේ ශරීරය සමාජ මාධ්‍යවල දකින ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ සංසන්දනය කරනවාද? යන්නයි. අධ්‍යයන ප්‍රතිඵල අනුව සමාජ මාධ්‍ය නව යොවුන් වියේ ස්ව අභිමානයට විශාල බලපෑමක් ඇති කරන බවත්යෞ වනයන් ආකර්ෂණීය හා විලාසිතාමය දේ තේරුම් ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කරන බවත් අවබෝධ විය. නව යොවුන් වියේ පසුවන්නන් වැඩි පිරිසක්ඔ වුන්ගේ ශරීර ගැන සෑහීමකට පත් නොවන බව අධ්‍යයනයෙන් හෙළි වී ඇති අතර එමඟින්යෞ වනයන්ගේ ස්ව අභිමානයට සමාජ මාධ්‍ය සෘණාත්මක බලපෑමක් ඇති කරයි යන නිගමනයට එළඹිය හැකිය.

Description

Keywords

Internet, Adolescents, Body Image, Social Media,Self esteem

Citation

Lokumannage, A. (2021). Effects of social media content on adolescent self-esteem. Samaja Vigraha, 6(1), 47-62.

Collections

Endorsement

Review

Supplemented By

Referenced By