Abstract:
බාලාපචාර තත්වය අවබෝධ කර ගැනීමට විවිධ රටවල මෙන් ශ්රී ලංකාවේද පර්යේෂණ පවත්වා ඇත. ළමා අහිතකර චර්යා නිර්මාණය වන ආකාරය පිළිබඳව විවිධ දෘෂ්ටිකොණයන්ගෙන් බලමින්, විවිධ අවධාරණයන් සහිතව, විවිධ ප්රතිකර්මද ඒ අනුව ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්රී ලංකාවේද ළමුන් හා යෞවනයින්ගේ සමාජ විරෝධී හැසිරීම ස්වභාවයන් තවමත් සමාජ ප්රශ්නයක්ව පවතී...