Abstract:
අධ්‍යාපනය ලබාදීම සඳහා පාසල කෙරෙහි තිබු විශ්වාසය දෙදරා යමින් පවතිද්දී තවදුරටත් ඒ සඳහා යෙදෙන පිරිවැය අඩු නොවන්නේ බාල පරපුරට විධිමත් ලෙස මඟ පෙන්විය හැකි වන වෙනස් ආදේශකයක් නොමැති නිසාය. මේ නිසා අප ජාතියේ ජීවනාලිය වූ බාල පරපුරේ අපරිමිත කායික හා මානසික ශක්‍යතා අවබෝධ කර ගෙන ඒවා නිසි අයුරින් වර්ධනය කරන්නට හැකි වන ලෙස පාසල් පද්ධතිය සංශෝධනය කළ යුතු බව බොහෝ දෙනාගේ හැඟීමයි...