Abstract:
කිසියම් හදිසි මරණයක් ස්වභාවික මරණයක් ද? (A Natural Death) ඝාතනයක් ද? (A Homicide) හදිසි අනතුරක් හේතුවෙන් සිදුවූවක් ද? (An Accident) නැතිනම් සියදිවි නසා ගැනීමක් ද? (A Suicide) යන්න නිවැරදිව නිශ්චය කරගැනීම නෛතිකමය වශයෙන් ඉතා තීරණාත්මක කාර්යභාරයකි. ඒ අනුව, මරණයකට හේතුව කුමක්ද යන්න අවබෝධ කරගැනීම සදහා මෘත ශරීරයක් පරික්ෂා කිරීම වඩා වැදගත් වේ.