Abstract:
ප්‍රාථමික අධ්‍යාපනයේ තුන්වන ප්‍රධාන අවධියේ සිසුන්ගේ සාක්ෂරතා නිපුණතා ප්‍රවීණත්වය කරා සංවර්ධනයේ දී භාවිතා කරන ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේද වල ගුණාත්මක භාවය පිළිබඳව සොයා බැලීම මෙම පර්යේෂණ අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වේ. සාක්ෂරතාව රටක සංවර්ධනයේ පූර්වාවශ්‍යතාවයකි. අනෙකුත් සියලුම විෂයයන්හි නිපුණතා අත්පත් කර ගැනීම සඳහා ද සාක්ෂරතා නිපුණතා අත්පත් කර ගැනීම වැදගත් වේ. සංවර්ධනය සඳහා උරදීමට ...