Abstract:
ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රධාන කඩ ඉම ලෙසට සලකනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයයි. මෙම කඩ ඉමෙන් පසුව ඉහළට ඉගෙන ගන්නා පිරිස ඉතා අඩු අගයක් ගන්නා බවත්, බහුතරයක් ඉන් ගිළිහෙන බවත්, සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වෙයි. "සැමට විද්‍යාව" යන්න වත්මන් ලෝකයේ තේමාවකි. මේ නිසා අධ්‍යාපන පද්ධතිය තුළ අනිවාර්ය වූ විද්‍යා අධ්‍යාපනයක් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වෙයි. විද්‍යා අධ්‍යාපනයේ අරමුණු සැලකූ විට ...