Abstract:
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය මඟින් පවත්වා ගෙන යනු ලබන පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහන හදාරන ගුරු ශිෂ්‍යයින් විසින් ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව අදියර දෙකකදී සිදු කරනු ලැබේ. පළමු අදියරේදී ගුරු පුහුණුව අධීක්ෂණය කරනු ලබන්නේ ප්‍රමුඛාචාර්යවරුන් විසිනි. විවිධ පර්යේෂණ අනාවරණ වලට අනුව ප්රමුඛාචාර්යවරු ගුරු ශිෂ්‍යයින්ගේ වෘත්තිය සංවර්ධනය පිළිබඳ අඩු සැලකිල්ලක් දක්වමින් ඇගයීම් කාර්යයට පමණක් නැඹුරු වී ඇති තත්වයක් හෙළි විය. ...